උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
මාධ්‍යයට අදහස් දැක්වෙමින් ඔහු පැවසුවේ, ආදිවාසි සංස්කෘතියට නිඟාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.
මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් ආදිවාසී පරපුර පිළිබඳ සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී කියා සිටියා.
ආදිවාසී භාෂාවද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසුවා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.