උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතුවලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින (15) පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ.පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.හෙට රිලා වදුරු සංගණනය තියෙනවා තියනවා.අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.ගෑණු රිලව් ,පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ." යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.