උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉඩ ඇති බව WION ඉන්දීය පුවත් සේවය වාර්තා කරයි.
මෙරට මූලාශ්‍ර උපුටා දක්වන එම වාර්තාවේ සඳහන් වන්නේ සංචාරය තවමත් ස්ථිර නොමැති බවත් එය අප්‍රේල් 5 වන දින පමණ සිදුවිය හැකි බවත් ය.
අගමැති මෝදිගේ සංචාරය ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවය.
එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි.
මුලාශ්‍ර පුවත :
Indian Prime Minister Narendra Modi to visit Sri Lanka in April
 
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.