උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවය.
"පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇත. මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කෙරේ. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදුකර වෙළෙඳපොළට නිකුත් කරයි."
එවැනි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කළ විමසීමක දී ඊට පිළිතුරු ලබාදුන් වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ,
"අපේ රටේ සිදුවන තවත් එක් ජාවාරමක් තමා මේක. අපි පිරිසිදු කරපු ඒවා ගේනවා නොකරපු ඒවා ගේනවා. එහෙම ගෙනල්ලා කරන ජාවාරම් මඟින් අපි හඳුනාගෙන තියෙනවා මාස 11 කම්පැනි තියෙන්නේ. 12 මාසේ ගිණුම් හදන්නේ නැතුව කම්පැනිය වහනවා. ඒ නිසා අපි අපේ පැත්තෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රේගුව හරහා ලංකාව ඇතුළට එන ඒවා මේ වනවිටත් හඳුනාගෙන තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.