උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙකක් සොයා ගත් බව ගලෙන් බිඳුණුවැව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ ටී 56 උණ්ඩ 281ක් සමඟ එම මැගසින් පහක්, එස් එල්, ආර් වර්ගයේ උණ්ඩ , 84එස් වර්ගයේ උණ්ඩ 06ක්, 84එස් පුහුණු උණ්ඩ 07ක්, මිලිමීටර් 6 පිස්තෝල උණ්ඩ 03ක්, එස් ඒම් ජී මැගසීන් 1ක් සහ අත් බෝම්බ හතරක් සොයා ගත් භාණ්ඩ අතර තිබූ බවයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පවුලේ අය සමඟ ඉහත නිවසේ පදිංචිව සිට ඇති අතර 2022.02.11 දින වැඩ තහනමට ලක්ව ඇති බවද පොලිසිය පවසනවා.
මෙම ආයුධ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (02) පොලිසිය සිදු කළ සෝදිසියකදී ඉහත භාණ්ඩ සොයාගෙන තිබෙනවා.
සැකකාර කොස්තාපල්වරයා විසින් වෙනත් පාර්ශවයක් වෙත ලබාදීම සඳහා ඔහු පදිංචි ඉඩමේ මේවා වළ දමන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.