උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ රාජකරුණා පැවසුවේ අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නියමිත පරිදි සිදු කෙරෙන බවය.
බස්නාහිර පළාතෙන් ඉන්ධන ඇණවුම් 500ක් පමණ මේ වනවිටත් ලැබී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කළේය.
"රටේ තෙල් නැතිවීමේ ගැටලුවක් වෙන්නේ නෑ. එක එක කට කථාවලට බය වෙලා ජනතාව ඉන්ධ පිරවුම්හල් වෙත ගියොත් තමයි ගැටලුවක් වෙන්නේ."
මේ අතර ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් 3%ක කොමිස් මුදල ඊයේ සිට අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේය.
සබැඳි පුවත් :
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.