ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ.
ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙනි.
මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබේ.
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගට එරෙහි සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 7031(c)වගන්තිය යටතේ මොවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට යන දෙපාර්ශවයේම නම් ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.