මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (6) පැවති කැබිනට් හමුවේ දී ඇමතිවරයා මෙසේද කීය.
"මගේ කාලය අපරාදෙ ඒ නිසා එතුමාට තනියම ඕන දෙයක් කියා ගන්න කියන්න. එතුමා කියලා තිබුණා එතුමා සිංහයෙක් කියලා එතුමා සිංහයෙක්ද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. මීට ඉස්සෙල්ලා කළු ඇඳගෙන කඩුවකුත් අරන් ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා කියල සිංහයෙක් වගේ ආව ඒවා නිකම් විහිළු වෙලා තියෙන්නේ .
මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, සිංහයෝ බලා සිටිනවා මේක මම කියූ දෙයක් නෙවෙයි 90 දශකයේදී රිචඩ් ද සොයිසා මාධ්‍යවෙිදියා කිවිව ප්‍රසිද්ධ කියමනක් එදා කී ඒ ප්‍රකාශය අදට වඩාත් හොඳට ගැලපෙනවා ඇති."