ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්ගේ, බලයලත් නියෝජිතගේ, ස්වාධීන කණ්ඩායම් නායකගේ හෝ අපේක්ෂකගේ ලිඛිත ඉල්ලීමකට අනුව සංයුක්ත තැටි නිකුත් කරන බවත් සතියේ වැඩකරන දිනක කාර්යාල වේලාව තුළ නියමිත ගාස්තු ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් 2024 ඡන්ද හිමි නම ලේඛනය ඇතුළත් සංයුක්ත තැටිය ලබාගත හැකි බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.
2024 මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයින් සඳහා මෙම සංයුක්ත තැටිය ලබාගත හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුදමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කරන ලද "කාගේද මේ මූනිස්සම්?" ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කර තිබේ.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරු 02:30ට දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කිරීමට නියමිත යි.