පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එජාප හමුවකදී අද සම්මත කර ගැනුණි.
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් නායක එජාප සභාපති වජිර අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම පාක්ෂික හමුව පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණු බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය. හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගි විය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.