දුම්රිය සේවයට කතුන් ගන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම පක්ෂයෙන් සහ තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එම පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී ඇත්තේ පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් සමකාලීන ඇතැම් පුද්ගලයින් දක්වන අකමැත්ත සහ පසුගාමී බව තමන් ගත් තීරණයට වැඩි දායකත්වයක් සැපයූ බවයි.
තමාගේ දේශපාලන අරමුණු සඳහා නොනැවතී ගමන් කළ යුතු අතර ඒ සඳහා සුදුසු බිමක් සොයා ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව තමා පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් බැහැර වන බවත් නිරෝෂන් ප්‍රේමරත්න තවදුරටත් දැනුම් දී ඇත.


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිවැරදි කිරීමයි (11.41 AM) : අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.