පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට සේවකයින්ට ඉඩ ලබාදෙන "right to disconnect" නොහොත් "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය අද සිට (26) ඔස්ට්‍රේලියාව තුළ බලාත්මක කෙරේ.
එම නව නීතිය අනුව සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට හැකි අතර ඊට ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව වේ.
ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවය.
මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවට අමතරව මීට පෙර සිටම තවත් යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය අනුගමනය කරයි.
COVID-19 වසංගතයෙන් පසු ඩිජිටල් සන්නිවේදනය සහ දුරස්ථව වැඩකිරීම වර්ධනය වීම මධ්‍යයේ මිනිසුන්ගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිත අතර සීමාවන් බිඳ දමා ඇති බව ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඔස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය 281ක් පමණ අමතර කාලයක් කිසිදු ගෙවීමකින් තොරව රාජකාරි සිදුකර ඇති බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.