උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ සඳහන් කළා.
ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරුණි.
මේ අතර ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භකර තිබුණු අතර එයද අද මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා පැවසීය.
එමෙන්ම මැයි 17 වනදා සිට මේ දක්වා ග්‍රාම නිලධාරිවරුන් විසින් ක්‍රියාත්මකළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.