පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
නේපාලයේ එවරස්ට් ප්‍රදේශයේ පිහිටි ෂර්පා ගම්මානයක් අයිස් ගංවතුරකට යටවී ඇති බව බලධාරීහු පවසති.
මීටර 3800ක පමණ උසකින් පිහිටි තේම් නම් ගම්මාන ගංවතුරට යටවී ඇත්තේ ග්ලැසියර විලක ඉවුරු කැඩී යාමෙන් පසු බවයි විශේෂඥයින් අනුමාන කරන්නේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාල කඳුකරයේ ග්ලැසියර විශාල ප්‍රමාණයක් දියවී යන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
ගංවතුරෙන් නිසා මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නැති නමුත් නිවාස, පාසලක් සහ සෞඛ්‍ය සායනයක් ඇතුළු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.
තේම් යනු බොහෝ එවරස්ට් කඳු නගින්නන්ගේ නිවහන වන අතර ගවේෂක එඩ්මන්ඩ් හිලරි සමඟ එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයා වන ෂර්පා ටෙන්සිං නෝර්ගේ උපන්ගම ද වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.