උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා සහ දිලිත් ජයවීර යන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව්දෙනාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අද (17) ආරම්භ කිරීමට නියමිත යි.
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද පැවැත්වෙන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීය. රැලිය පස්වරු 2ට ආරම්භ කිරීමට නියමිත යි.
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ මංගල ජනරැලි අද දකුණු පළාතෙන් ආරම්භ වෙයි. ඒ අනුව, පස්වරු 2.30ට තංගල්ල, පස්වරු 3.30ට මාතර සහ පස්වරු 4ට ගාල්ල යන ප්‍රදේශවල දී ජනරැලි ඇරඹීමට නියමිතයි.
සර්ව ජනබල සංවිධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර ගේ මංගල ජනරැලිය අද යාපනය, රක්කාපිටියේදී පස්වරු 2.30 පැවැත්වෙයි.
ලන්තෑරුම ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගේ මැතිවරණ ප්රචාරක කටයුතු අද ගම්පහ නගරයෙන් ආරම්භ විය. මංගල රැලිය පෙරවරු 11 ට ගම්පහ පරණ බස් නැවතුම්පලේදී පැවැත්වුණි.
පස්වරු 2ට මිනුවන්ගොඩ, පස්වරු 4 ට නාත්තණ්ඩිය, සහ පස්වරු 6 ට හලාවතදි, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගේ මැතිවරණ රැලි පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.