උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය. ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ඔහු සදහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමෙන් පසු අගෝස්තු 4 සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ඒ කවුරුන්දැයි රටට හෙළි කරන බවද උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේය.
සර්වජන බල සන්ධානය යනු දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි නායකයෙකුද නැතිනම් වෙනත් කෙනෙකු ද යන්න ඉදිරියේදී බලා ගත හැකි බවද මන්ත්‍රීවරයා කීය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.