මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය පවසන්නේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.