මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසී ය.
අද (ජූලි 18) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ය,
''ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරගෙන ගිහින් පැන්නුවේ. දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තහම කතාව හොඳට කියනවා. බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද භාර දුන්නා. ඒගොල්ලන් ගෙනිහිල්ලා බෝට්ටුවට දැම්මා.''
2023 දෙසැම්බර් 17 දින යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දා පටන් රුපියල් බිලියන 19ක් වටිනා මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන ඇති බවත්, ගිනිඅවි 955ක් සොයාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.