ශාරුක් ඛාන් එන උත්සවයට ටිකට් නැහැ
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරකු දුනු, ඊතලවලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කළ මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ බව හේනානිගල වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි පැවසීය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ එම පිරිසට එරෙහිව කරුණු ගොනු කර ඇතැයිද කුමාරසිරි විජේකෝන් කීවේය.
පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කරන අයුරු දුටු බවද ඔහු කීවේය.
මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සිදු කර ඇතැයිද ඔහු කීවේය.
ඒ අනුව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුකරන බවද කුමාරසිරි විජේකෝන් කීවේය.
Lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.