ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අදාළ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
එම පහරදීමේ සිද්ධිය සිදුවු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පසුගියදා පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ විසින් පසුගියදා කොටුව පොලීසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළේය.
එම සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ලිඛිත පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇති බව සඳහන්ය.
මෙම පැමිණිලිවලට අදාළව කොටුව පොලීසිය මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.