උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය කටයුතු කර තිබේ.
පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී අදාළ නිවසට ඇතුළුවී තිබූ කාන්තාවන් තිදෙනෙකු නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණි.
මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් ය.
සොරා ගන්නා ලද දේපොළවලින් කොටසක් පොලිස් භාරයට ගෙන ඇති අතර මොරටුව පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.