මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (21) උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත.
එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිර බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති වේ.
ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.