උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුව (9) අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව සාක්ෂි සහ තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල,
''පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉතා හොඳින් ඉදිරියට යමින් තියෙනවා. සභාවට ඉදිරිපත් කළ නොහැකි බරපතල සංවේදී කාරණා රාශියක් මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා.. මේ කරුණු පිළිබදව හොඳින් දන්නා සාක්ෂිකරුවෙකු ලෙස අසාද් මවුලානා හඳුනා ගෙන ඇති අතර ඔහු ලබා දී ඇති තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඔහුව ලංකාවට ගෙන්වා ගන්න ඕන කරන ක්‍රියාමාර්ග නීත්‍යානුකූලවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමිනුත් මේ වන විට ක්‍රියාත්මක කරලා තියෙනවා. බුද්ධි අංශයට සම්බන්ධ යම් කණ්ඩායම් කිසියම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තවාදී කණ්ඩායමකට සහාය දීමක් සිදු කර ඇත්තේද යන්න සොයා බලන්න අපාරාධ විමර්ශනයක් ඉතාම ගැඹුරින් සිදුවෙමින් පවතිනවා''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.