මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය.
අදාළ මාධ්‍ය නිවේදනය,
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කරනු ලබන පනත් කෙටුම්පත 2025 ජුනි 03 වන දින පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයේ දී සම්මත විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, කාරක සභා අදියරේ දී යෝජනා කළ යුතු සුළු සංශෝධන කිහිපයක් හඳුනාගෙන ඇත.
ඊට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සංශෝධන 2025 ඔක්තෝබර් 21 දින කිසිදු විවාදයකින් තොරව කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් අනතුරුව තුන්වැනි වර කියවා එදිනම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.