මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය මස 29 වැනි දින නිකුත් කළ රුපියල් 2000 සමරු නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීමට, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවත් මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරන බවත් ශ්‍රී ලංකා මහ බැ
ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.