සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කෙරේ
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මුළුමනින්ම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවක සිට සජිත් ප්‍රේමදාස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (17) මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
"අද මුළුමනින්ම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවට බැහැලා ඉන්නේ සජිත් ප්‍රේමදාස. එයාගේ ගෝලයෝ කියන්න පටන් අරන් තියෙනවා අපි ආවම නුවර පෙරහැර නවත්තනවා, ඇත්කද විහාරයේ පෙරහැර නතර කරනවා, පන්සලට දානයක් හම්බවෙනෙකක් නැහැ, නිරාගමික රටක් හදන්න යනවලු.... රාමසාන් හජ්ජි උත්සව දෙකක් බැහැ එකයිලු, රැවුල වවන්න දෙන්නෙත් නැහැලු මුස්ලිම් අයට. මම කිව්වා මාත් බාගෙට වවාගෙන ඉන්නේ කියලා. මොකක්ද මේ..... ඉතාමත් කැත පන්නයේ ජාතිවාදී මඩ ගොහොරුවක වැටිලා ඉන්නේ. සජිත් ඊට වඩා මොනවටද ප්රබුද්ධ. රටේ මහා ගැඹුරු අර්බුදය තේරුම් අරගෙන විසඳුම් දෙන්නත් බැහැනේ ඔයවගේ කතා තමයි කියන්න තියෙන්නේ.
අපි ඇහුවොත් අලි ප්‍රශ්නෙට මොකද කරන්නේ කියලා මං ගාව හොඳ මන්තරයක් තියෙනවා රටටම පාඩම් කරවනවාලු. මේ රාජ්‍ය සේවය ආකර්යක්ෂමයි එයා කාමරේ බොත්තමක් හයි කරනවලු. බොත්තම ඔබපුවම ..... පව් අප්පා හරිද...මේ වගේ මනුස්සයෙක්.. තව රෑට රෑට ගෙවල්වලට යනවලු. අනේ ඕන ගෙදරක යන්න.. මොකක්ද මේ කියන්නේ.. එයා ප්‍රේමදාස මහත්තයාගේ පුතා නොවෙන්න මේ මාවතගම ප්‍රාදේශීය සභාවටවත් තෝරාගන්නේ නෑ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් නන්දික කුමානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.