දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103ක්
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සඳහා බැතිමතුන් ලබාදුන් පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග එක්කාසු කොට ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කෙරිණ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග භවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 'හුස්ම' ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.
පිළිකා රෝගයෙන් පීඩා විඳින මෙරට ළමා රෝගීන් සඳහා ප්රතිලාභ ලැබිය හැකි ලෙස මහල් 4කින් සමන්විත අංග සම්පූර්ණ මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව රෝගී දරුවන් 70කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබේ.
මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය. පැය භාගයකට සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලකයකු එක් නොකර තිබීම විශේෂයකි.
අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් සභාව අමතනු ලැබූ අතර මෙම වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ ඉදි කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.