පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
ඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ (09) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.
"ඡන්දය අපේ අයිතියයි, ඡන්දය අපේ බලයයි, ඡන්දය අපේ හඬයි, අපේ ඡන්දය රටේ අනාගතයයි. ඒක නිසා අපි ඇවිල්ලා ඡන්දේ දාන්න ඕනේ. ඒක මතක් කරලා දෙන එක තමයි අපි කරන්නේ. ඡන්දේ විතරයි අපිට තියෙන්නේ එකම දේ භේදයක් නැතිව නොලැබෙන මරණය ඇරුණාම. ඒක නිසා ඡන්දේ නොදා හිටියාම වෙන්නේ ඡන්ද දාන අයට වුවමනා පාලකයා එනවා පාලනය කර ගැනීමට. ඒ නිසා ඡන්දය කුරුටු ගාන්නවත්, නොදා ඉන්නවත් එපා ඡන්දේ දාන්න එන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.