කථානායක නිල නිවසට කරන්න යනදේ එළියට
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසා තිබේ.
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අඹුසැමි යුවළකි.
මියගිය කාන්තාව මෙන්ම පිරිමි පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම T-56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනය අනුව පොලීසිය සැකකරනු ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසා තිබේ.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුදමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කරන ලද "කාගේද මේ මූනිස්සම්?" ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කර තිබේ.