පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න
කොළඹ දිස්ත්‍රික්කය: - සීතාවක, පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය: - වලල්ලාවිට, හොරණ, ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත
ගාල්ල දිස්ත්‍රික්කය: - ඇල්පිටිය, බද්දේගම, නෙළුව, නාගොඩ, වඳුරඹ, තවලම
ගම්පහ දිස්ත්‍රික්කය: - අත්තනගල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය: - රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක, දැරණියගල
රත්නපුර දිස්ත්‍රික්කය: - ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත්වන්න
ගාල්ල දිස්ත්‍රික්කය: - යක්කලමුල්ල, නියාගම, ඉමදූව
කළුතර දිස්ත්‍රික්කය: - බේරුවල
කෑගල්ල දිස්ත්‍රික්කය: - ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය: - නාරම්මල, පොල්ගහවෙල, අලව්ව
නුවර එළිය දිස්ත්‍රික්කය: - අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය: - කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.