මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයක වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇද වැටී දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක බවයි.
මෙම සිසුවිය සහා සිසුවා අදාළ ගොඩනැඟිල්ලෙන් පැන ඇති බවට පොලීසිය සැක පළ කරන අතර ඔවුන්ගේ සිරුරු තුන්වන මහලේ තිබී සොයාගෙන තිබෙනවා.
මියගිය සිසුවා සහ සිසුවිය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිව සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
News19

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.