අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේය.
"අපි බලාපොරොත්තු වෙන්නේ, 4 වෙනි වාරිකය නිදහස් කරගැනීමට. කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් ඒ වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට අරන් යන්න. මොකද තුන්වෙනි සමාලෝචනය තුළ ලැබෙන 4 වෙනි වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වුවහොත් එය ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය විශාල බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම ඇති නොවෙන්න ජනාධිපතිතුමා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉදිරි කාලය තුළ දී කොහොමද ණයහිමියන්ගේ මේ වැඩසටහන ආරක්ෂා කරගෙන වැඩසටහන ආරක්ෂා කරන්නේ කියන දේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."