මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවය.
"මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව ලැබීම් පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ වර්ෂයේ ඩෙංගු අධි අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒ තත්ත්වය තුළ ඩෙංගුවලට වඩා මිනිසුන්ට පීඩාකාරී රෝග තත්ත්වයක් වාර්තා වෙනවා මාතර ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම මේ මාතර ප්‍රදේශයේ චිකුන්ගුන්යා රෝග රෝග තත්ත්වය ඉතාම බරපතළ විදියට ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ නාරාහෙන්පිට, කොළඔ ආශ්‍රිතව මේ රෝග තත්ත්වය තිබුණත් පාලනය කර ගැනීමට හැකි වුණා. දැනට මාස කිහිපයක සිට මාතර ප්‍රදේශයේ මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එසේම මේ තත්ත්වය තුළ රෝග තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවාට සමාන මදුරු විශේෂය තමයි මේ චිකුන්ගුන්යාවලට ප්‍රධාන වාහකයා වෙන්නේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.