පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මත්ද්‍රව්‍ය පිළිබද දත්ත ඇතුළත් පරිඝණක තොරතුරු පද්ධතියට ව්‍යාජ IP ලිපිනයන් 57 කින් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය පවසන්නේ මේ වන විට එම සියලු IP ලිපිනයන් මෙම පද්ධතියෙන් ඉවත් කර ඇති බවයි.

අනතුරුව එම පද්ධතියේ ප්‍රවේශ පහසුකම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එම කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයාට පමණක් සීමාවන ලෙස සකසා තිබේ.

newsfirst.lk 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.