2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඊශ්‍රායලයේ විදේශ සංක්‍රමණික සේවකයන් ඉලක්ක කොට රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වී ඇති බවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සමාජ මාධ්‍ය වෙත ඊයේ (7) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
ඊශ්‍රායලයේ විදේශ සංක්‍රමණික සේවකයින් ඉලක්ක කොට රසායනික ද්‍රව්‍ය මුසු ජලජ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම.
දින කීපයක සිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන විදේශ ශ්‍රමිකයන් එල්ල කර සිදුකරන ලද ජලය මුසු රසායනික ද්‍රව්‍ය ප්රහාරයන් පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අවධානය යොමු වී ඇත.
ඇතැම් කුඩා පිරිසකගෙන් සැදුම් ලත් කණ්ඩායම් විසින් තනිව ගමන් ගන්නා විදේශීය සංක්‍රමණික සේවකයින් එල්ල කොට දියරමය ප්‍රහාර දියත් කොට ඇති බවත්, එසේ ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මේ දක්වා පිළිබඳව තානාපති කාර්යාලයට විස්තර දන්වා ඇත.
ඒ අනුව මේ පිළිබඳව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශය හා ජනගහන හා ආගමන අධිකාරිය (PIBA) ආයතන දැනුවත් කර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විධිමත් පියවර ගන්න මෙන් ඉල්ලා සිටියෙමු.
මේ පසුබිම ඔස්සේ ඊශ්‍රායලයේ Dimona Police Station විසින් පළමු ප්‍රහාරය සඳහා එකතුවී සිටි වයස අවුරුදු 13-19 අතරේ පසුවන් තරුණයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන දින 6ක් බන්ධනාගාර කර තිබේ. අනෙකුත් සිද්ධීන් පිළිබඳව CCTV කැමරා ආදියෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කරනු ලැබේ.
ඊශ්රායිල් සමාජය ඉතා සාමකාමී ලෙස විදේශ සේවකයන් සමඟ කටයුතු කරන අතර මෙවැනි සිද්ධිවලට යෞවනයන් සම්බන්දවීම් වාර්තා වීම ඉතා දුලබ ය. වයස අවුරුදු 18 සම්පුර්ණ වූ තරුණියන් අනිවාර්ය වසර දෙකක හමුදා පුහුණුව ලබන අතර අවුරුදු 18 වැඩි තරුණයන් වසර 3 ක හමුදා පුහුණුවක් ලබා ගනී. බොහෝ දෙනෙකු අත ස්වයංක්‍රීය අවි හා පිස්තෝල තිබුණ ද සිවිල් සමාජයේ කිසිවෙකුත් එරෙහිව තවත් සිවිල් සමාජ වැසියන් එම අවි භාවිතා කරන බව දක්නට
නැත.
දැනට වාර්තා වූ මේ තත්ත්වය පිළිබඳව ඊශ්රායිල් ආරක්ෂක අංශ අවධානය යොමු කරන අතර පහත තත්ත්වය සමනය වන තෙක් පහත දැක්වෙන ක්‍රියා මාර්ග අනුගමනය කරන මෙන් ශ්‍රී ලාංකිකයන්ට දන්වා සිටිමු.
1. ඉදිරි දින කීපය තුළ විදේශ සේවකයන්ට වැටුප් ලැබෙන අතර ඒවා ශ්‍රී ලංකාවට යැවීමට ගමන් කිරීමේ දී හැකි සෑම අවස්ථාවක දීම කණ්ඩායමක් ලෙස ගමන් කිරීම
2. තමන් සතු මුදල් පසුම්බිය හා ආභරණ ආදිය සුරක්ෂිතව තබාගෙන ගමන් බිමන් යාම.
3. වටිනා දුරකථන අරක්ෂිතව තබා ගැනීම හා ඒවා මාර්ගයන් ඔස්සේ ගමන් කරන විට භාවිතා නොකිරීම.
4. ඕනෑම හදිසි අවස්ථාවක ඊශ්‍රායල් පොලිසියේ සිවිල් කටයුතු පිළිබඳව හදිසි අංකය වන අංක 100 අමතා සිදුවීම හා තමන් සිටින ස්ථානයේ තොරතුරු ඔවුනට ලබා දීම.
5. ප්‍රතිකාර අවශ්‍ය ඕනෑම අවස්ථාවක නොමිලේ සපයන ඊශ්රායිල් ගිලන් රථ සේවාව සඳහා ඇමතීමට අංක 101 භාවිතා කිරීම
ඕනෑම හදිසි උපකාරයක් සඳහා, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාල ක්ෂණික ඇමතුම් අංකය අමතන්නැයි උපදෙස් දෙනු ලැබේ. (0094718447305 Whatsapp)
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෙල් අවිව්, ඊශ්‍රායලය
06/11/2025
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.