මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
update - 02.10pm අද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය.
බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව අද දෙරණ වාර්තාකරුවන් පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි.
……..
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.
එහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව තලාව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බව පොලීසිය පැවසීය.
තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.