මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රවීණ මාධ්‍යවේදිනියකට එරෙහිව වාචික සහ මානසික හිංසනයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසුවා ය.
අද (24) පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කියා සිටියා ය.
"අපේ රටේ 120ක් කාන්තාවන් ඒ කියන්නේ පහෙන් එකක් කාන්තාවන් යම්කිසි හිංසනයකට ලක් වෙනවා. ඉතින් ඒ හිංසනය වාචික කායික සහ හෝ මානසික හිංසනයක් ඉතින් අපි දත්ත බැලුවොත් ඇත්තටම ඉතාමත්ම කණගාටුදායක දත්ත තමයි අපේ ලංකාවේ තියෙන්නේ මේ සම්බන්ධයෙන්."
"අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුලත ඒ වගේම පාර්ලිමේන්තුවේ පිටතදීත් මෙවැනි කාන්තා හිංසන රාශියක් ගැන අපිට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපි කාන්තාවක් ගත්තොත් ගෙදර ඉඳන් බස් එකේ ඉඳන් වැඩ බිමට යනකොට නොයෙකුත් හිංසන වලට ලක් වෙනවා. විශේෂයෙන්ම කායික මානසික සහ හෝ කායික හිංසනයන්ට ලක් වෙනවා. ඉතින් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පාර්ලිමේන්තුවේ ගිය සතියේ ප්‍රවීණ මාධ්‍යවේදිනියකට මෙවැනි වාචික සහ මානසික හිංසනයකට ලක්වෙන්න සිදු වුණා. ඉතින් ඇත්තටම වල් පැල ගලවලා මල් පැල හිටවනවා කිව්වත් මේ ආණ්ඩුව අපිට පේන්නේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරු බලාගෙන ගියාම ඇවිත් තියෙන්නේ මඩේ හැදෙන කාන්තාවන් ගිලන බාදුරා මල් හා සමානයි කිව්වොත් මම හිතන්නේ ඒක නිවැරදියි. මොකද ඇත්තෙන්ම මල් පැල නොව මල් වටේ කැරගෙන බඹරුන් හා සමානයි කිව්වොත් නිවැරදි මොකද මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනියත් එක්ක හිටියා ඉතින් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනියට ලොකු හිංසනයකට ලක්වෙන්න සිදු වුණා. ඉතින් එතුමිය මානසික සහ ලොකු පීඩාවක් එතුමියට ඒ සම්බන්ධයෙන් විදින සිදු වුණා. මම ඇත්තටම ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.