පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත යි.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම විශේෂ මහා සම්මේලනයට සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය කරමින් එක්සත් ජාතික පාක්ෂිකයින් සහභාගී වනු ඇති.
මෙම සම්මේලනය සඳහා ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය පල කරන සියලුම පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බවත් විශේෂයෙන්ම මැතිවරණය ඉලක්ක කරගෙන මෙම සම්මේලනය පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසී ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.