ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.
අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත.
වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ උපාලි රණසිංහ වරෙන්තු නිකුත් කර තිබුණේ 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි පසුගිය සිකුරාදා වරෙන්තු නිකුත් කෙරුණි.
චෝදනා ගොනුකර ඇත්තේ, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙනි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.