ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලීසිය පවසයි.
ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.
ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.