ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65කි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කෙරෙන බවයි. නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වේ.
එය නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුව විසින් සිදු කිරීමට බලතල පවරන බව ද වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.