පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
පසුගිය සමයේ රජයේ විවිධ ආයතනවලින් ජනාධිපති කාර්යාලය වෙත රැගෙන ආ වාහන යළි එම ආයතනවලට ලබා දීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එලෙස රැගෙන ආ වාහන 19ක් ඊයේ (1) දිනයේ නිදහස් කළ බවත් සිදුකළ පූර්ව දැනුම් දීමකට අනුව ඉන් වාහන 15ක් අදාළ ආයතන නිලධාරීන් පැමිණි රැගෙන ගිය බවත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 8ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 3ක් දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 1 බැගින් වාහන 15ක් මෙලෙස යළි එම ආයතන වෙත ලබා දී ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.