හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
මහාචාර්ය ඒ.වී. සුරවීර සුධීමතුන්ගේ සාහිත්‍ය සේවය ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් කෙටිකතා විචාර තරගයට විචාර බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල, මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම විචාර තරගය සඳහා උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දිෂ්ට මහාචාර්ය ඒ.වී.සුරවීරගේ "අකුරට යන වෙලාවේ" කෙටිකතාව හැර ඔහුගේ වෙනත් කෙටිකතාවක් විචාරය කළ යුතු බව සංවිධායකයෝ පවසති.
කෙටිකතා විචාරය නිරවද්‍ය භාෂා භාවිතයෙන් යුක්ත විය යුතු අතර වචන 1000 නොවැඩි විය යුතු ය.
තරගයට ඉදිරිපත් කරන විචාරය තමන් විසින් ම ලියූවක් බව විෂය බාර ආචාර්යවරයා විසින් සහතික කර, අදාළ කරුණු සහිත ව සකසන ලද අයදුම්පතක් සමඟ විචාරය 2024 අගෝස්තු පහළොස් වැනිදාට පෙර sinhlashortstory@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට (Email) යොමු කළ යුතු ය.
ජයග්‍රාහී කෙටිකතා විචාර සඳහා තිළිණ හා සහතිකපත් ප්රදානය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු කරනු ලබන අතර ජයග්‍රාහී විචාර අධ්‍යයනාංශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන විශේෂ මාර්ගගත සඟරාවෙහිද පළ කරනු ලබන බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.
වැඩිදුර විස්තර සඳහා අමතන්න
076 3148089 -සිතුමිණි කාවින්ද්‍යා
077 344 3856-තරුෂි නවෝද්‍යා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.