උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ඊයේ (02)යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය.
''මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩසටහන යටතේ යම් මට්ටමකට බදු පැනවීමට එකඟ වූ නමුත් ඉන්පසුව පැමිණි රජය මැතිවරණ පොරොන්දුවක් මත බදු අඩු කළා. එය රජයේ ආදායම් අඩුවීමට හේතු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එම වැඩසටහනෙන් ඉවත් වුණා. අපට එම වරද නැවත කිරීමට හැකියාවක් නැහැ. රටක් ලෙස ඉදිරියට යන විට අප අපේ දේශපාලන ක්‍රමය ද වෙනස් කළ යුතුයි.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට කිසිවෙකු කැමැත්තක් දැක්වූයේ නැහැ. රටේ නායකත්වය භාර ගැනීමට හැකි අයෙකු සොයා ගැනීම ගැටළුවක් බවට පත් වුණා. ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු මට ද ඉල්ලා අස්වෙන ලෙස පැවසුවත් වගකීම් භාරගැනීමට කිසිවෙක් කැමැති වූයේ නැහැ. ණය ගැනීම සහ හිස් පොරොන්දු මත පවත්වාගෙන ගිය මෙරට ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයේ බිඳවැටීම මෙයින් පෙන්නුම් කෙරෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.