අමාත්‍යවරයා සඳහන් කළේ වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වතුකරයේ ජනතාව අයිතිය නොමැති ඉඩම් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ වතු ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය ලබා දීම පිළිබඳ ඊයේ (31) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බව කියා සිටියේ ය. ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ගම්මාන සියලු පහසුකම්වලින් සමන්විතව ඉදි කෙරෙන අතර වතු ජනතාව සෑබෑ ලෙස සමාජගත කරවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.