මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පෙරේදා (1) පැවැති වැඩසටහනකදීය.
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බව පැවසූ වලවාහැංගුණ වැවේ නාහිමියෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද සඳහන් කළහ.
ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් උන්වහන්සේ පැවසූහ.
පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බව පැවසූ වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.