අද (08) පස්වරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බව යි.
එම පැමිණිලි අතරින් අපරාධම ස්වභාවයේ පැමිණිලි 54ක් ද , මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 286ක් ද, ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම වාහන 94ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර පෝස්ටර් දස ලක්ෂ හැත්තෑදහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන තිබේ.
තවද බැනර් 855ක් ඉවත් කිරීමටත්, තවත් 458ක් පොලිස් භාරයට ගැනීමටත් කටවුට් 1,010ක් ඉවත් කිරීමටත් තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන ඇත.
අත්පත්‍රිකා 5045ක් ඉවත් කිරීමටත් තවත් 64,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.