පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
හෙට (11) දින නාරාහේන්පිට නිල මැදුරේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ (කිරුලපන දෙසට ඇති වම්පස) මංතීරුව වසා තැබීමට කටයුතු කරනු ලබන අතර එම මාර්ගයේම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසටම ගමන් කීරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබයි.
රථවාහන ගමනා ගමනය සීමා කිරීමට යෝජිත මංසන්ධි
- මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගයේ නාරාහේන්පිට දෙසට ඇතුළුවීම සීමා කර එම වාහන තිඹිරිගස්යාය මාර්ගයට හා දාබරේ මාවත දෙසට යොමු කිරීම.
- තිඹිරිගස්යාය පාර කිරුළ පාර හන්දියෙන් කිරුළ පාර රථවාහන ඇතුළුකිරීම සීමා කර එම වාහන හයිලෙවල් මාර්ගය දෙසට යොමු කිරීම.
- උද්‍යාන පාර හයිලෙවල් පාර හන්දියෙන් වාහන ඇතුළුකිරීම සීමා කර හයිලෙවල් මාර්ගයෙන් තුම්මුල්ල දෙසට හා කිරුළපන දෙසට යොමු කිරීම.
- බේස්ලයින් පාර හයිලෙවල් පාර හන්දියෙන් බේස්ලයින් මාර්ගයට ඇතුළුකිරීම සීමා කර එම වාහන තුම්මුල්ල දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.
- නාවල පාර නාරාහේන් පිට පාර නාවල හන්දියෙන් නාරාහේන්පිට දෙසට වාහන ඇතුළු කිරීම සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු
කිරීම.
- නාවල පාර කිරිමණ්ඩල හන්දියෙන් කිරිමණ්ඩල මාවතට ඇතුළු වන වාහන සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.
නාම යෝජනා භාරදීමට පැමිණෙන රථවාහන ගාල් කිරීමට යෝජිත ස්ථාන
• පාර්ක් පාර ශාලිකා ක්‍රීඩාංගණයේ රථ ගාල.
• පාර්ක් පාර ෆුඩ් සිටිය අසල මාර්ගයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය දක්වා ශාලිකා ක්‍රීඩාංගණය පැත්තේ එක් මංතීරුවක්.
• බේස්ලයින් පාර පොල්කේන්ගොඩ හන්දිය සිට හයිලෙවල් පාර දක්වා කොළඹට ඇතුල්වන මාර්ගයේ එක් මංතීරුවක්.
• බේස්ලයින් පාර මහවත්ත හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා කොළඹට ඇතුල් වන මාර්ගයේ එක් මං තීරුවක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.