පුවත්

සියලු විශ්වවිද්‍යාල දින දෙකක් වසා දැමීමට පියවර

සියලු විශ්වවිද්‍යාල දින දෙකක් වසා දැමීමට පියවර

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීම වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 364ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අපේක්ෂකයින් 11 දෙනෙක් සහ ආධාරකරුවන් 356 දෙනෙක්ද ඇතුළත් බවත් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව පවසයි.

Read More

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා ඉන්නවා - ඇමති විජිත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

Read More

චර්ම පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් : හේතුව හෙළිවෙයි

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට චර්ම පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පවසයි.

Read More

වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස්

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි ට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

Read More

ජනපති දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි

රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ජනපති රුව ඇතුළත් 5000 නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

Read More