CLOSE

පුවත්

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ඇරඹෙයි

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ඇරඹෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරනු ලැබේ.

කතරගම දෙවොලේ පුද පඬුරුවලින් හැදූ අපේක්ෂා රෝහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සඳහා බැතිමතුන් ලබාදුන් පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග එක්කාසු කොට ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කෙරිණ.

Read More

පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න අනුමතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ නව පනත පාර්ලිමේන්තුවට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානයට අවසර

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

දැවැන්ත ව්‍යාපෘති 50ක තොරතුරු තවමත් ‍ජනතාවට වහං කරගෙන

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

Read More

වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය වරදක්

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

Read More

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවූ වැසි

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වැඩියෙන් වියදම් කළොත් ධුරයයි ප්‍රජා අයිතියයි දෙකම අහිමියි - මැකො

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

Read More